සජිත්ගේ උපදෙස් පිළිගත්තා නම් දැනට ම කොවිඩ් පරාදයි..! දැන් නම් රට සම්පූර්ණයෙන් වහන්න ඕන….! – නලීන් බණ්ඩාර…

August 13, 2021 at 8:01 am | by emanisa.lk

රට සම්පූර්ණ වසා දැමීමකට නොගියොත් කොවිඩ් තෙවැනි රැල්ලෙන් රට බේරගන්න බැරිවෙන බව කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර පවසයි.

මන්ත‍්‍රීවරයා මේ බැව් පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේදීය.

“අද රටේ පවතින වර්තමාන තත්ත්වය ගැන විපක්ෂ නායකතුමාත්, විපක්ෂයේ අපිත් කතා කරන්න ගත්තේ කාටත් කලින්. එහිදී පාලනය කරන්නත්, රට වහන ආකාරය ගැනත් ඒ වගේ ම එන්නත ගෙන්වීම ගැන අපි කතාකළා.

නමුත් ආණ්ඩුව බොහොම මන්දගාමී විදියට තමයි කටයුතු කරමින් සිටියේ. එම නිසා අද රට සම්පූර්ණ අර්බුදයකට ලක්වෙලා. පළමු රැල්ලේ කටයුතු කළ ආකාරයට යම් දුරකට වෛරසය පාලනය කළා. අද කොහොමවත් බේරගන්න බැරි තත්ත්වයට පත්වෙලා.

මේ වන විට රට සම්පූර්ණ වසා දැමීමකට යා යුතුයි. එසේ නැති වුණොත් බේරගන්න බැරි තත්ත්වයට පත්වෙනවා. එහි සම්පූර්ණ වගකීම අපි රජයට තමයි දෙන්නේ. අද වනවිට 100ට එහා මැරෙනවා. එම සංඛ්‍යාව ගැනත් අපි තුළ සැකයක් තිබෙනවා. මොකද එම සංඛ්‍යාවන් නිවැරැදි නැති බව අපි දිගින් දිගටම කිව්වා.

සතිය ගානේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කොවිඩ් මර්දන කමිටුව හමුවුණත් කිසිම කෙනෙක්ට කතා කරන්න දෙන්නෙ නැහැ. එතුමාගේ අදහස් විතරක් ප‍්‍රකාශ කරනවා විතරයි. අද ජනගහනයට සාපේක්ෂව මරණ ගණන බලන විට අපි සිටින්නේ ඉන්දියාවටත් වඩා තුන්හතර ගුණයකටත් ඉහළින්. වහාම ක‍්‍රමවේදය වෙනස් කළ යුතුයි. අත්දැකීම් සහිත සුදුසු පුද්ගලයන් එම තනතුරුවලට පත්කළ යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස