සමගි ජන බලවේග සභාපති සරත් ෆොන්සේකා ආණ්ඩුවට එකතු වීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.
සජබ සභාපතිවරයා මේ වන විට පක්ෂය සමග දැඩි ගැටුමක් නිර්මාණය කර ගෙන ඇති අතර එය අධිකරණය දක්වා ගොස් තිබේ.
මේ අතර හිටපු ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියගේ සැමියා වන කපිතාන් සේනක සිල්වා යෝජනා කර ඇත්තේ සමගි ජන බලවේගයේ පිරිසක් සමග සරත් ෆොන්සේකාට ආණ්ඩුවට එකතු වන ලෙසය.
කෙසේ වුව ද ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව ඔහු එකතු කර ගැනීමට විරෝධය ප්‍රකාශ කර ඇති නිසා මේ වන විට විකල්පයක් ලෙස සරත් ෆොන්සේකා ස්වාධීනව ජනාධිපතිවරණයට තරඟ කිරීමට ද සූදානම් වෙයි.