සජබ සභාපතිකම දුන්නේ යුද වීරයෙක් නිසයි… ඉන්න බැරි නම් පව් නොදී යන්න..! – හේෂා විතානගේ…

June 21, 2024 at 5:16 pm | by emanisa.lk

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සිය පක්ෂයේ සභාපති ධූරය ලබා දුන්නේ ඔහු යුද වීරයෙක් නිසා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

ඊයේ පාර්ලිමේන්තුවේ දී සරත් ෆොන්සේකා මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතා ව විවේචනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි හේෂා විතානගේ මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළේ.

එසේම පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් රැසක් සිටියදී සරත් ෆොන්සේකා මහතාට තම පක්ෂයේ සභාපතිකම දී ඇත්තේ ගෞරවාන්විත ලෙස බැවින් එවැනි ප්‍රකාශ සිදු නොකර පක්ෂයේ සිටීමට නොහැකි නම් ඉවත්ව යා යුතු බව හේෂා විතානගේ එහි දී වැඩි දුරටත් කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනී නාලිකාවක ඊයේ (20) පැවති දේශපාලන වැඩසටහනකට එක් වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *