හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබා දීමට තීරණය කර තිබේ.
රාජිත සේනාරත්න රනිල් වික්‍රමසිංහ සමග එකතු වීම නිසා පුරප්පාඩු වූ කළුතර, බේරුවල ආසනයේ සංවිධායක ධූරයට ඩිල්ෂාන් පත් කිරීමට ද සමගි ජන බලවේගය කටයුතු කර තිබේ. අද (14) විපක්ෂ නායක කාර්යාලයේ දී අදාළ පත්වීම් ලිපිය ලබා දී තිබේ.
2019 මහා මැතිවරණයට ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරඟ වැදීමට සූදානම්ව සිටිය ද අවසාන මොහොතේ ඔහුට එම අවස්ථාව අහිමි විය.