සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව ඔස්සේ පාර්ලිමේන්තු යැවීමට සුදුසු විශාල පිරිසක් සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා පවසයි.
එහෙත් සන්ධානගත පක්ෂයක් ලෙස සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කොට සුදුසුම හතර දෙනාට එම අවස්ථාව ලබා දුන් බවයි, ඔහු සඳහන් කළේ.
අරගලය අවස්ථාවේ කාන්තාවක් ලෙස පෙරට ආ පක්ෂය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට මන්ත්‍රී ධුරයක් ලබා දිය යුතුව තිබුණත් නොලැබීම ගැන තමන් කනගාටු වන බව ද සුජිත් සංජය පෙරේරා ප්‍රකාශ කරයි.
විපක්ෂ නායක කාර්යාලයේ අද (14) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.