සජබ මහ රැලිය රාජිතට තහනම්…!

July 11, 2024 at 7:54 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස දිනවීම සඳහා එළඹෙන 13 වෙනිදා හවස මතුගම මහා ජන රැලියක් සංවිධානය කරන බව සමගි ජන බලවේග මතුගම ප්‍රධාන සංවිධායක ජගත් කුමාර පවසයි.

ආසන අටේ සියලු දෙනා එය සංවිධානය කළ ද රාජිත සේනාරත්න ඊට සම්බන්ධ නැතැයි ද හෙතෙම සඳහන් කරයි.

එම ජන රැලිය සඳහා රාජිත සේනාරත්නට පැමිණීමට ඉඩ නොදෙන බව ද ජගත් කුමාර අවධාරණය කරයි.

අද (11) මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *