සමගි ජන බලවේගය සහ තමන් අතර ගැටුමක් නිර්මාණය වූයේ දයා රත්නායක එම පක්ෂයට ගැනීමත් සමග බව සජබ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
හමුදා නිලධාරියෙකු ලෙස ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ තමන්ට විවේචනයක් ඇතැයි ද පසුගිය සමයේ ඔහු වියත්මග නියෝජනය කළ අයකු බව ද ෆොන්සේකා පෙන්වා දෙයි.
සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේ, දයා රත්නායක පසුගිය ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ධූරය උසුලන සමයේ කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ පරණ යකඩ විකුණා දැමීමට එරෙහිව පැවරූ නඩුවක් තවමත් අධිකරණය ඉදිරියේ පවතින බවයි.
මෙම කරුණු පක්ෂයට පෙන්වා දුන් විට ඒවා පිළිනොගෙන පක්ෂ නායකයා සහ මහ ලේකම්වරයා තමන් විවේචනයට කටයුතු කළ බවට ද සරත් ෆොන්සේකා චෝදනා කරයි.
පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.