සමගි ජනබල වේගය තවත් වසර පහක් විපක්ෂයේ නොසිට මීළඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (03) රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතුරින් සුවිශේෂී අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් රටේ ආර්ථික තත්ත්වය යහපත් කරමින් වසර දෙකක් තුල රට පැවති අගාධයෙන් ගොඩගත් වත්මන් ජනාධිපතිවරයා නැවත බලයට පත් කිරීම සඳහා ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පොහොට්ටුවේ ගම්පහ ජනතාව පෙළ ගැසී සිටින බවත් රුවන් විජේවර්ධන ප්‍රකාශ කළේය.