සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ගෙන ඒමට සූදානම් වන ව්‍යවස්ථා සංශෝධන සහ නව ව්‍යවස්ථා මගින් රට නැවත බෙදුම්වාදයට ගොදුරු වීමේ අවධානමක් ඇතැයි යුතුකම ජාතික සංවිධානයේ සභාපති, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.
සමගි ජන බලවේගය 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට සහ ජාතික ජන බලවේගය එදා යහපාලන ආණ්ඩුව ගෙන ඒමට උත්සාහ කළ ලාල් විජේනායක ව්‍යවස්ථාව බලාත්මක කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කොට ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.
මෙම ක්‍රියාමාර්ග දෙක ඔස්සේ ම ශ්‍රී ලංකා මධ්‍යම ආණ්ඩුවේ පොලිසිය වෙනුවට පළාත් සභාවේ මහ ඇමැතිවරයා යටතේ ක්‍රියාත්මක වන පළාත් පොලිසි නවයක් බිහි වනු ඇති බවයි, ගෙවිඳු කුමාරතුංග ප්‍රකාශ කළේ.
එම පොලිසිවලට වෙනම නිල ඇඳුම් ද මහ ඇමැතිට අවශ්‍ය නම් ලංකා රාජ්‍යයට එරෙහිව යුද ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය ආයුධ එම පොලිසියට ගෙන ඒමට ද බලතල හිමි වන බවට හෙතෙම අනතුරු අඟවයි. එදා වර්ධරාජා පෙරුමාල් යටතේ සිදු වූයේ මෙය බව ද ඔහු පෙන්වා දෙයි.
එසේ ම මේ කිසිදු පොලිසියකට අපරාධකරුවෙකු ලුහුබැඳ ගිය ද අදාළ පළාත් සභා මහ ඇමැතිගේ අනුමැතිය නොමැතිව පළාත් සීමා උල්ලංඝනය කළ නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.
ඊයේ (15) සර්වජන බලය මාධ්‍ය හමුවක් අමතමින් ගෙවිඳු කුමාරතුංග මේ බව කීය.