සජබ ජනරැලි වලි.. මැතිවරණ කටේ ගැටුම් උත්සන්න වෙයි..!

September 11, 2024 at 1:00 pm | by emanisa.lk

සමගි ජන බලවේග මහනුවර ජන රැලියේ දී අදහස් පළ කිරීමට ඇතැම් ආසන සංවිධායකවරුන්ට අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් ඔවුන් කනස්සල්ලෙන් පසුවන බව වාර්තා වෙයි.

ඔවුන් පවසා ඇත්තේ එම ජන රැලියේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ හිතවතුන්ට පවා අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දී තිබුණද දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරයෙකුට ජනතාව ඇමතීමට අවස්ථාවක් නොලැබුණු බවයි.

මෙලෙස අදාළ ජන හමුවේදී අදහස් පළ කිරීමට අවස්ථාව නොලැබුණු පිරිස අතර, ඉකුත්දා සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද සිටින බවටයි වාර්තා වෙයි.

ඒ අනුව එම මන්ත්‍රීවරයාට ඉදිරියේ පැවැත්වෙන මහා මැතිවරණයක දී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවට ද ඇතැම් පාර්ශ්ව අදහස් පළ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *