සජබ කෝටිපති නෙමෙයි, පොඩි මිනිහා රකින ආණ්ඩුවක් හදනවා…! – සජිත්…

August 30, 2024 at 6:29 pm | by emanisa.lk

රටේ බහුතරයක් ජනතාව ආණ්ඩුවේ දුර්වල ප්‍රතිපත්ති නිසා අසරණ වී ඇති පසුබිමක ජනතාව පැත්තකට දමා ආණ්ඩුව කෝටි ප්‍රකෝටිපතියන් රකිමින් ඇතැයි සමගි ජනබලවේග ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වත්මන් රජයට ගොවියාගේ වගා ණය කපා දමන්න බැරි වුණත් සමගි ජන බලවේග රජයක් තුළ එම වගා ණය කපා දමන බවයි, විපක්ෂ නායකයා සඳහන් කළේ.

රජයේ බැංකුවලට පොලු තිබ්බ කෝටිපතියන්ගේ නාමලේඛනය ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ මුදල් ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියත් ඔවුන් ඊට පිළිතුරු නොදුන් බව හෙතෙම කියා සිටියි.

මේ අයගේ ගජමිතුරු සම්බන්ධතා මත කෝටි ප්‍රකෝටි ගණන් ණය කපා හැරි ඇති අතර ඔවුන්ගේ ණය කපා හරින්න හැකිනම් ගොවියාගේ වගා ණයත් කපා හැරිය යුතු බවයි, ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

එහෙත් සමගි ජන බලවේගය සිටින්නේ සුපිරි පොහොසතා රකින්න නොව පොදු ජනතාව ගොවි ජනතාව, ධීවරයා, කම්කරුවා ඇතුළු පොඩි මිනිසා රැකීමට බවත් ඔහු අවධාරණය කළේය.

ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ අද (30) නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන රැළිය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *