සජබ කොළඹ නායකකමත් සජිත් තියාගනී… කොළඹ ජ්‍යේෂ්ඨයා හර්ෂ කනස්සල්ලෙන්…!

February 14, 2025 at 5:16 pm | by emanisa.lk

සමගි ජන බලවේග ජාතික නායක්වයට අමතරව කොළඹ දිස්ත්‍රික් නායකත්වයත් සජිත් ප්‍රේමදාස යටතේ තබා ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

තමා හතර වන වතාවටත් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යේෂ්ඨතම මන්ත්‍රීවරයා වුව ද තමන්ට දිස්ත්‍රික් නායකත්වය නොලැබුණුු බවයි, ඔහු ප්‍රකාශ කරන්නේ.

සජබ-එජාප සාකච්ඡා කමිටුවට ද තමන් පත් නොකළ ද මෙම දෙපාර්ශ්වය එකතු විය යුතු බවට බිම් මට්ටමේ මතයක් ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

තමන්ට නායකත්වය නොලැබුණ ද ඒ සඳහා හඬ වැළපීිමට හෝ තනතුරු ඉල්ල පසුපස යෑමට සූදානම් නොමැති බව ද හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *