සජබ ජාජබ අතර විවාදයක් පැවැත්වෙන්නේ නම් ඒ ජුනි 06 සජිත් සහ අනුර අතර බව ජාජබ විධායක සභික නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එම විවාදය නොපැවැත්වෙන්නේ නම් ඉන් එහාට ඒ පිළිබඳ කිසිවකට සිය පක්ෂය සම්බන්ධ නොවන බවයි, ඔහු අවධාරණය කළේ.
වෙනත් විකාරවලට සම්බන්ධ වීමට තමන්ට කාලයක් නොමැති අතර සජිත්ලාට නලීන්ලාට දේශපාලනය විහිළු වුව ද තමන්ට එය විහිළුවක් නොවන බව ද නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
සජබ සහ ජාජබ ආර්ථික කමිටු අතර විවාදයට දිනයක් ලබා නොදීම සම්බන්ධයෙන් මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.