සජබ ආණ්ඩුවක් යටතේ මහින්දානන්දට සහ ශෂීන්ද්‍රට නිසි දඬුවම් දෙනවා…! – මරික්කාර්…

December 15, 2021 at 7:40 pm | by emanisa.lk

චීනය වත්මන් ආණ්ඩුව බෙල්ලෙන් අල්ලා බිත්තියට හේත්තු කර ඇති බවත්, නොගත් පොහොරවලට ‌ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට රටට සිදුව ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙම තත්ත්වයට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ වගකිව යුතු බවත්, ඉදිරි සජබ ආණ්ඩුවක් යටතේ මොවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්ය.

එම ආණ්ඩුව ඩීල් නොදමන ආණ්ඩුවක් බව කී එස්.එම්. මරික්කාර්, එහි රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයන් නොමැති බව ද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *