සජබෙ කඩාගෙන ෆොන්සේකා අගමැති වෙන්න හදනවා…!

August 2, 2022 at 1:57 pm | by emanisa.lk

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සජබෙ කඩාගෙන අගමැති වන්නට දිව්ව බව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පවසයි.

හිටපු ආණ්ඩුකාරවරයා පවසන්නේ අගමැති සිහිනය කඩා වැටුණු පසු අගෝස්තු 09 වෙනිදා අවසන් සටනට කොළඹ එන්නැයි ජනතාවට කියන බවයි.

එදිනට ෆොන්සේකාට හැකි නම් අරගලයක් කර පෙන්වන්නැයි තමා අභියෝග කරන බව ද සාලි ප්‍රකාශ කළේය.

අද ජනතාව අරගලය සමග නොමැති බවත් රට ගොඩගත හැකි එක ම නායකයා රනිල් වික්‍රමසිංහ බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *