සජබෙ ආරක්ෂාව නැතැයි පාර්ලිමේන්තු නාවත් භෝජනාගාරයට ඇවිත්…!

December 6, 2021 at 10:07 pm | by emanisa.lk

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව නැතැයි පවසමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාව වර්ජනය කළ ද එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 34 දෙනකු පාර්ලිමේන්තු පරිශ්‍රයේ මන්ත්‍රී භෝජනාගාරයෙන් උදෑසන ආහාරය ගත් බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

අද (06) පාර්ලිමේන්තුවේ දී හෙතෙම මේ බව පැවැසීය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මන්ත්‍රී භෝජනාගාරයෙන් හොඳට ආහාර ගෙන ඇති හෙයින් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් ඇතැයි ඔවුන් පවසන චෝදනාව ප්‍රතික්ෂේප වන බව ද හෙතෙම සඳහන් කළේ‍ය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.පාර්ලිමේන්තුවේ අද කවුරුත් නැතැයි පවසමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා රටට වැරදි පණිවිඩයක් දීමට උත්සාහ දැරූ බව ද මහින්දානන්ද අලුත්ගමගේ මෙහි දී පැවසුවේය.

මේ අවස්ථාවේදී අලුත්ගමගේ සහ අනුර කුමාර දිසානායක අතර උණුසුම් බහින් බස්වීමක් ඇති විය. දෙදෙනා අතර ඇතිවූ එම ගැටුම සංසිඳවීම සඳහා කතානායකවරයා දැඩි උත්සාහයක් දරනු දැක ගත හැකිවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *