සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ තලතා අතුකෝරාළ මහත්මිය අද (05) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කරමින් ඒ මහතාගේ ප්රචාරක රැලියකට එක්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව අද මතුගම නගරයේ පැවැත්වෙන “පුළුවන් ශ්රී ලංකා” ජන රැලියට තලතා අතුකෝරාළ එකතුවීමට නියමිතය.
තලතා අතුකෝරාළ මහත්මිය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදුකරමින් සජබ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ පසුගිය අගෝස්තු 21 වනදා ය.