සංහිඳියාවට බාධා කළ කච්චතිව් දූපතේ බුද්ධ ප්‍රතිමාව ගලවයි…!

April 27, 2023 at 5:15 pm | by emanisa.lk

කච්චතිව් ශාන්ත ආන්තෝනි දේවස්ථානය අසල ස්ථාපිත කර තිබුණු බුද්ධ ප‍්‍රතිමාව එම ස්ථානයෙන් ඉවත් කළ බව නාවික හමුදාව යාපනය රදගුරු කාර්යාලය වෙත දැනුම් දී ඇත.

යාපනය රදගුරු කාර්යාලය පසුගිය මාර්තු මස 27 වනදා නාවික හමුදාව වෙත යොමු කරන ලද ලිපියට නාවික හමුදාව යාපනය රදගුරු කාර්යාලය වෙත පණිවිඩයක් ලබාදෙමින් ඉහත කී බුද්ධ ප‍්‍රතිමාව කච්චතිව් දුපතෙන් ඉවත් කළ බව දැනුම් දී ඇත.

ඒ අනුව කච්චතිව් දුපතේ අනන්‍යතාව ආරක්ෂා කරමින් ජනතාව අතර සංහිදියාව පවත්වාගෙන යාම වෙනුවෙන් නාවික හමුදාව ගෙන ඇති පියවර අගය කරන අතරම ස්තුතිවන්ත වන බව යාපනය රදගුරු කාර්යාලය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස