සංචාරක කර්මාන්තය රජ ගමනේ….. ජනවාරියේ වාර්තාගත සංචාරක පිරිසක්…!

February 7, 2025 at 11:41 am | by emanisa.lk

පසුගිය වසරේ ජනවාරි මාසයට වඩා මෙම වසරේ ජනවාරියේ විදෙස් සංචාරකයන් 44,508ක් වැඩිපුර මෙරටට පැමිණ තිබේ.

පසුගිය 2024 ජනවාරි මාසයේ සංචාරකයන් 208,253ක් පැමිණ ඇති නමුත් මෙම 2025 වසරේ ජනවාරියේ එම සංඛ්‍යාව 252,761ක් විය.

මේ අනුව, මේ දක්වා ඉතිහාසයේ ජනවාරි මාසයක් තුළ වැඩිම සංචාරකයන් ගණනක් පැමිණ ඇත්තේ මෙම වසරේ පසුගිය ජනවාරියේදීය.

මීට පෙර වසරක ජනවාරි මාසයේ සංචාරකයන් වැඩිම සංඛ්‍යාවක් පැමිණීමේ වාර්තාව 2018 ජනවාරි වූ අතර එම සංඛ්‍යාව 238,924කි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *