කොවිඩ් වසංගත සමයේ සම්පූර්ණයෙන් බිඳ වැටුණු මෙරට සංචාරක කර්මාන්තය නැවතත් හිස ඔසවමින් තිබේ.
ලොව පුරා ගුවන් සමාගම් 23ක් පමණ නැවත ශ්‍රී ලංකාවට පැමිණීම ආරම්භ කර ඇති අතර දහස් ගණනින් සංචාරකයින් මෙරටට පැමිණෙමින් ඇත.
මේ සමග සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ජීවිකාව කරගත් ලක්ෂ ගණනගේ වෘත්තීය තත්ත්වය නැවත යථා තත්ත්වයට පත්වනු ඇති අතර රටට විදේශ විනිමය ගලා එනු ඇත.