සංචාරකයින් පැමිණෙන හොටෙල්වල බාර් විවෘත කරයි…!

September 12, 2021 at 3:11 pm | by emanisa.lk

විදේශීය සංචාරකයින් සඳහා පමණක් තෝරාගත් සංචාරක හෝටල් සහ විශේෂ බලපත්‍ර හිමි ස්ථානවලට මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබේ.

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, ඒ අනුව නියමිත සෞඛ්‍යාරක්ෂිත උපදේශයන්ට අනුව ජෛව ආරක්ෂක බුබුලු ක්‍රමයට අනුව සංචාරයේ යෙදෙන විදේශීය සංචාරකයින් සඳහා පමණක් සංචාරක හෝටල්වලට නිකුත් කර තිබෙන විශේෂ සුරාබදු බලපත්‍ර වර්ග පමණක් ක්‍රියාත්මක කිරීමේ අවසරය හිමිවන බවයි.

නිරෝධායන කාලසීමාව තුළ ජෛව ආරක්ෂක බුබුලු ක්‍රමය අනුගමනය කරනු ලබන පළමු වන සහ දෙවන මට්ටමේ හෝටල් සඳහා විශේෂයෙන් මෙම ක්‍රමය ඇතුළත් ය.

නියමිත නිරෝධායන කාල සීමාවෙන් පසුව එම විදේශීය සංචාරකයින්ට සෙසු සංචාරක හෝටල් සඳහා ද පිවිසීමේ අවසරය ද හිමි වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස