සංචරණ සීමා ලිහිල් කළොත් ආසාදිතයින් නැවත වැඩි වෙනවා…! – වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

September 9, 2021 at 8:26 am | by emanisa.lk

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ යළිත් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා විය හැකි යැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි.

දැනට රට සම්පූර්ණයෙන් ම වසා දමා නොමැති නිසා මේ වන විටත් වෛරසය සමාජයේ ව්‍යාප්තවෙමින් තිබෙන බවද හෙතෙම කීවේය.

මේ වන විට දුම්රිය, බස් රථ, මත්පැන් හල්, පාසල් ආදිය වසාදමා තිබුණත් බොහෝ ආයතනවල රාජකාරි කටයුතු සිදුවන බව ද රටේ සමස්ත ජනතාවගෙන් තුනෙන් එකක්ම විවිධ අවශ්‍යතාවන් සඳහා ගමන් බිමන්වල නිරතවන බවද වෛද්‍ය බණ්ඩාර වැඩිද දුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *