තත්ත්වය තවමත් පාලනය වෙලා නෑ….! සංචරණ සීමා තව මාසයක්වත් ඕන…! ආසාදිතයින් 3000ක් හමුවෙද්දි 10 000ක් නිදැල්ලේ….! – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය…

June 8, 2021 at 10:34 pm | by emanisa.lk

සංචරණ සීමා පැනවීමේ නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නම් අවම වශයෙන් තවත් මාසයක පමණ කාලයක් මෙම සීමා ක්‍රියාත්මක විය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

ආර්ථික වශයෙන් කෙතරම් හානියක් සිදු වුවත් තවත් මාසයක් පමණ හෝ සීමා ක්‍රියාත්මක නොවුවහොත් ඉන් ඇති වන ප්‍රතිඵල භයානක විය හැකි බව එම සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසයි.

සංචරණ සීමා ක්‍රියාත්මකව පවතිද්දී සාමාන්‍ය ජනතාවගේ හැසිරීම සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍යවරිය සඳහන් කළේය. ඇතැම් පුද්ගලයන් වගකීම් විරහිතව කටයුතු කරන බවත් සංචරණ සීමා පැනවීමේ නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නම් ජනතාවගේ සහාය අනිවාර්ය වන බවත් වෛද්‍යවරිය පෙන්වා දෙයි.

තවමත් දෛනිකව ආසාදිතයන් 3000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන නමුත් හසු නොවන 10,000 ක් පමණ සමාජයේ සිටිය හැකි බව ද ‍ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි. ඒ අනුව ඉදිරියේ දී ඇතැම් විට දෛනික ආසාදිතයන් ප්‍රමාණය තව දුරටත් ඉහළ යා හැකි බවත්, තවත් සති තුනක් හතරක් යන තෙක් දෛනික ආසාදිතයන් ප්‍රමාණ පහත නොබසිනු ඇති බවත් එම සංගම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *