සංචරණ සීමා කාලය පුරා කොළඹ පැමිණි අනුරාධපුරය බසය සංචරණ සීමා අවසන් වූ පසු අල්ලයි….!

October 1, 2021 at 10:51 am | by emanisa.lk

පළාත් සංචරණ සීමා නීති උල්ලංඝණය කරමින් අනුරාධපුරය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් කැකිරාව මඩාටුගම යුද හමුදා සහ පොලිස් මාර්ග බාධකයෙදී අද (01) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති නිලන්ත ඒකනායකට ලද තොරතුරක් මත ඒ මහතා කැකිරාව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිස් හා යුද හමුදා මාර්ග බාධක දී මෙම බස් රථය නවතා ඇත.

උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති නිලන්ත ඒකනායක මෙම බස් රථය අත්අඩංගුවට ගත් මඩාටුගම පොලිස් මාර්ග බාධකය අසලට පැමිණ සිටියේය.

බැසගත් මගීන් බොහෝ දෙනෙකු කියා සිටියේ සංචාරණ සීමා පනවා තිබූ සෑම දිනකම මෙම බස් රථය අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ බවත් එම බස් රථයෙන් තමන්ගේ රාජකාරි කටයුතු නිම කරවා ගත් බව ය.

එහෙත් රට විවෘත කළ දවසේ එම බස් රථයට ධාවනයෙන් ඉවත් කළේ කුමන කාරණයක් නිසා දැයි නො නොදන්නා බව මගිහු පවසති.

එමෙන්ම අද (01) දඹුල්ල නගරයේ ද උදෑසන සිට ම පෞදෞද්ගලික සහ ලංගම බස්රථ මගී ප්‍රවාහනය සඳහා යොදවා තිබුණු අතර බොහෝ බස් රථ රැසක් තිබුණ ද මගින් විශාල අඩුවක් දක්නට ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *