සංචරණ සීමා ඉවත් කර දින දෙකට මිලියන 700ක අරක්කු විකිණෙයි….!

June 26, 2021 at 3:15 pm | by emanisa.lk

සංචරණ සීමා ඉවත් කර තිබූ දින දෙකක් තුළ රුපියල් මිලියන 700ක් වටිනා මත්පැන් විකිණී ඇතැයි සුරාබදු කොමසාරිස් ජෙනරල් එච්. ජී. ගුණසිරි පවසයි.

දිවයින පුරා බලපත්‍ර ලබාදී ඇති සුරාසැල් 4,200ක් පැවතිය ද එම කාල සීමාව තුළ දී විවෘත කිරීමට අවසර දී තිබුණේ වයින් ස්ටෝර්ස් 1,409ක් පමණක් බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර සෞඛ්‍ය නීතිරීති කඩකර මත්පැන් අලෙවි කරන ස්ථානවල බලපත්‍ර අවලංගු කරන බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි. ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට දිවයින පුරා සුරාබදු නිලධාරීන් 600කට අධික පිරිසක් යොදවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *