සංඝයා භේද කළ පාඨලී පල්ලියටත් රිංගලා…! කාදිනල්තුමා පාඨලීගේ ප්‍රාණ ඇපකාරයෙක් වෙලා….!

September 21, 2021 at 9:17 am | by emanisa.lk

මහා සංඝ රත්නය වෙත දේශපාලනය ගෙනැවිත් සංඝ සමාජයේ ප්‍රශ්න ඇති කළ පාඨලී චම්පික රණවක අද කතෝලික සභාවේ පියවරුන් ද දේශපාලනයට ඇද ගැනීමට උත්සාහ කරන බව දේශප්‍රේමි එක්සත් ජාතික පක්ෂය පවසයි.

සිරිල් ගාමිණී, රොහාන් ද සිල්වා ආදී පියවරුන් පිරිසක් පාඨලී රණවකගේ ඉත්තන් බවට පත්ව ඇතැයි ද එහි නායක සුදත් හේවාපතිරණ චෝදනා කළේ ය.

පාස්කු ප්‍රහාරය අවස්ථාවේ නිරවුල් මනසකින් කටයුතු කළ කාදිනල්තුමා අද සිරිල් ගාමිණී, රොහාන් ද සිල්වාගේ ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්ව ඇතැයි ද ප්‍රකාශ කළේ ය.

මේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ 2025 හොඳින් හෝ නරකින් මේ රටේ රජවීමට බලා සිටින රජ පිස්සුව හැදුණ පාඨලී චම්පික බව ද ඔහු අවධාරණය කරයි.

පාඨලී රණවකගේ කුමන්ත්‍රණයෙන් සමගි ජන බලවේග මන්ත්‍රී පිරිස ගලවා ගැනීමට සජිත් ප්‍රේමදාස විශාල පරිශ්‍රමයක් දරන බව ද සුදත් හේවාපතිරණ අනාවරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස