සංඛ්‍යා ලේඛන අනුව මේ සිංහල බෞද්ධ රටක් නෙමේ! ඇමති මංගලට ඒක කියන්න අයිතියක් තියෙනවා! – අමිල හිමි

May 22, 2019 at 12:29 pm | by admin

වර්තමාන වෙළෙඳපොළ සමාජ ක්‍රමය තුළ ජාතිවාදය වඩා පහසුවෙන් අලෙවි කළ හැකි භාණ්ඩයක් බවට පත්ව ඇති බවත් දේශපාලකයන් බලය ලබා ගැනීමට ජාතිවාදය භාවිත කරන බවත් ඊට එරෙහිව කතෝලික හින්දු ඉස්ලාම් ජන කොටස් වඩා වේගයෙන් පෙරට ආ යුතු බවත් දඹර අමිල හිමි පවසයි.

ආරක්ෂක ප්‍රශ්නයක් නම් රෙද්ද ගැලවිය යුතු වුවද ආගමික අර්ථයෙන් හෝ තමන්ට ඉවසිය නොහැකි නිසා එවැනි බලපෑම් කිරීම වැරදි බවත් තම අනන්‍යතා නැති කිරීමට ඉඩ නොදෙන ලෙස එම ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එහිමියන් පැවසීය.

සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන හෙයින් මංගල සමරවීර ඇමතිතුමා මේ රට සිංහල බෞද්ධ නොවේ යැයි පැවසීම නිවැරදි බව ද අමිල හිමි එය සත්‍ය නිසාත් ලංකාව සිංහල බෞද්ධ රටක් යැයි කියන විට සිත රිදෙන ජනතාවට මංගල සමරවිර මහතාගේ ප්‍රකාශයෙන් ශාන්තියක් වනවා නම් එසේ පැවසුවාට කමක් නැතැයි ද අමිල හිමි

මේ රට සිංහල බෞද්ධ නොවේ යැයි පැවසීමට ඇමතිවරයාට අයිතියක් ඇති බවත් ඒ නිසා ඇමතිවරයාට ඇතැම් උත්සවලට නොපැමිණෙන ලෙස දැන්වීම ජාතිවාදය ගෝත්‍රවාදය බව ද අමිල හිමි පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *