ෂයිලොක්ලා වෙලා මස් රාත්තල ම ඉල්ලන්න එපා…! රජයට දෙන්න පුළුවන් අතිශය සාධාරණ විසඳුම අපි දුන්නා…! එය පිළිගන්න..! – විමල්…

September 1, 2021 at 2:15 pm | by emanisa.lk

එළැඹෙන අයවැයේ දී ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව පියවර කිහිපයක් යටතේ ඉවත්කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය එම ගැටලුවට ලබාදිය හැකි සාධාරණ ම විසදුම බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් සොයාබලා ඒ පිළිබඳ නිරේදේශ ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සාමාජික විමල් වීරවංශ මේ බව සඳහන් කළේ රජයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ කැබිනට් මණ්ඩලය ලබාදුන් එම පොදු විසඳුම පිළිගන්නා ලෙස ගුරු වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරන බවය.

“කැබිනට් අනුකමිටුව ඉදිරිපත් කළ වාර්තාවට අනුව විදුහල්පති සේවයේ තුන එකට වැටුප් වැඩිවෙනවා 19.54%කින්. දැන් තියෙන්නේ 35,000ස් ගාණක්. ඒක 42,000ස් ගාණක් දක්වා වෙනවා. විදුහල්පති සේවයේ දෙකට දැන් තියෙන්නේ 42,000ස් ගාණක්. ඒක 48,000ස් ගාණක් වෙනවා.

ඊළඟට SLPS 1 දැන් තියෙන්නේ 42,000ස් ගාණක්. ඒක 58,345කට වැඩි වෙනවා. ගුරු වැටුප් වැඩිවීම වෙන්නේ, SLPS 3, 2 ගත්තොත්.. දැන් හම්බවෙන්නේ 27,000ස් ගාණක්. ඒක 31,000කට වැඩි වෙනවා. SLPS 3,1C ඒකේ 16%කට ආසන්න වැටුප් වැඩිවීමක් හම්බවෙනවා.

ඊට පහළ තියෙන ඒවාවලටත් වැටුප් වැඩිවෙනවා 19% ගාණකින්. අන්තිමට SLPS 3, 1A එකට වැටුප් වැඩිවෙනවා 20.43%කින්. මේක කැබිනට් මණ්ඩලය අනුමත කළා.

රජයක් හැටියට දෙන්න පුළුවන් සාධාරණම විසඳුම තමයි මේ දීලා තියෙන්නේ. සුබෝධනීගේ නම නෑ කියලා කවුරුහරි කෑ ගහනවා නම් ඒ මස් රාත්තලම ඉල්ලන ෂයිලොක් ලා මිස වෙන කවුරුවත් නෙමෙයි.

ඒ වගේම අනුකමිටුව යෝජනා කළේ නෑ අයවැය වෙනකම් මාස දෙකක් 5,000 ගානේ දෙකක් දෙන්න කියලා. ඒක ඇත්තටම වැඩි හොඳක් විදිහට හිතලා අමාත්‍ය මණ්ඩලයෙදි මුදල් ඇමතිතුමා ඒ යෝජනාව කළේ. ඒක කළේ ගුරුවරුන්ට විශ්වාසයක් ඇති කරන්න.

නමුත් පන්දාහෙ කතාව පැත්තකට දාලා මේ පොදු විසඳුම පිළිගන්න කියලා අපි මේ රටේ විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා,”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස