ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ඉහළ ගියේ දරුවන්ගේ දක්ෂතා නිසයි…! ඇමැතිට ඕන විදිහට කඩඉම් ලකුණු පහළ දාන්න බෑ…! එහෙම කළොත් ඒක ළමයින්ට කරන අසාධාරණයක්….! – අධ්‍යාපන ඇමැති…

February 11, 2021 at 2:22 pm | by emanisa.lk

මතභේදයට තුඩු දී තිබෙන ජනප්‍රිය පාසල් සඳහා වූ පහේ ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු තමා මැදිහත් වී කෘත්‍රිම ලෙස පහළ දැමුවොත් එය ප්‍රශ්නයක් මෙන්ම දරුවන්ට කරන ලොකු අසාධාරණයක් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් අද (11) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

ඒ නිසා ඒ පිළිබඳව කතා කරනවා තබා හිතන්නවත් තමා සූදානම් නැති බව අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කරයි.

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු අනිසි ලෙස ඉහළ දමා නැති බව පෙන්වා දෙන අධ්‍යාපන අමාත්‍යවරයා ලකුණු ප්‍රමාණය ඉහළ දමා ගැනීම දරුවන්ගේ දක්ෂතා මත දරුවන් විසින්ම කරගත් දෙයක් බව ද සඳහන් කරයි. කඩයිම් ලකුණු එක් තැනක නොතිබෙන බවත් වසරින් වසර අඩුවැඩි වෙමින් වෙනස් වන බව ද ඔහු පෙන්වා දෙයි.

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු තීරණය කරන්නේ කරුණු තුනක් මුල්කරගෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඒ ශිෂ්‍යත්ව සමත් වන ළමයින් සඳහා පාසල්වල ඇති පුරප්පාඩු, ශිෂ්‍යත්ව විභාගය දී ළමයින් ගන්නා ලකුණු ප්‍රමාණය හා සිසුන් ඉල්ලුම් කර ඇති පාසල්වල ලකුණු අනුපිළිවෙළ යන කරුණු බව ද අනාවරණය කළේ ය.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙම කරුණු හෙළිදරව් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ශිෂ්‍යත්ව ලකුණු අනිසි ලෙස ඉහළ දමා ඇති බවට කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *