5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වීමට අවශ්‍යතාවක් නැතැයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පවසයි.
එම විභාගයේ ප්‍රශ්න 03ක් පිටවී ඇති බවට තොරතුරු ලැබී තිබේ. එම ප්‍රශ්නවලට සමාන ප්‍රශ්න තුනක් එක්තරා ගුරුවරයෙක් විසින් සාකච්ඡා කර ඇති බව හෙළි වී ඇති අතර අදාළ සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පර්යේෂණ පවත්වයි.
එම ප්‍රශ්න තුන ඉවත් කර සෙසු ප්‍රශ්න 37ට ලබා ගන්නා ලකුණු පමණක් ගණනය කරන ලකුණු තීරණය කරන බව ද ඔහු පවසයි.
කෙසේ වුව ද ඊයේ (19) විභාග දෙපාර්තමේන්තුව වටලා දෙමාපියන් පිරිසක් විරෝධතාවක නිරත වූයේ අදාළ විභාගය නැවත පවත්වන ලෙස බලකරමිනි.