ශැංග්‍රිලා සාදයට ගිය චන්දිමාල්ගේ මව නැඟණිය සහ ජැක්සන්ගේ දුවත් අත්අඩංගුවට…!

June 4, 2021 at 12:03 pm | by emanisa.lk

චන්දිමාල් ජයසිංහගේ උපන්දියනට සහභාගී වූ බව කියන තවත් හය දෙනකු අත් අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම දූෂණ විමර්ශන ඒකකය කියයි.

එම පිරිස අතර චන්දිමාල් ජයසිංහගේ මව, නැගණිය සහ ඔවුන්ගේ රියැදුරු ද සිටින බව පොලිසිය පවසයි. එම පිරිස අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එසේ ම අදාළ සාදය සඳහා සහභාගී වූ ජැක්සන් ඇන්තනීගේ දියණිය මාධවී ඇන්තනී සහ ඇගේ සැමියා ද අත්අඩංගුවට ගෙන තිබේ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *