ශානි සහ රවීට වැඩ වරදී… ජනපතිගෙන් කමිටුවක්…!

June 13, 2024 at 7:07 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) ඇතුළු බලධාරීන්ගේ ක්‍රියා කලාපය විමර්ශනය කිරීම සඳහා විමර්ශන කමිටුවක් පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම කමිටුව පත්කර ඇති අතර එහි ප්‍රධානත්වය දරනු ලබන්නේ විශ්‍රාමලත් විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කමිටුවේ සොයාගැනීම් 2024 සැප්තැම්බර් 15 වැනි දිනට ඉදිරිපත් කළ යුතු බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *