ශ්‍රී ලාංකේය ජනතාවනි… යළි යළිත් මුලාවීමෙන් වළකින්න…

February 19, 2019 at 4:55 pm | by admin

ජාතික විද්වත් සංවිධානයේ මහ සමුළුවක් ගැන කෝටි ගණන් වියදම් කරමින් පසුගිය දිනවල කර තිබූ ප්‍රචාරක කටයුතු දුටු විටත් විශේෂයෙන්ම මේ වැඩ සටහන සජීවීව රූපවාහිනී නාලිකාවක විකාශනය කිරීමට තරම් මේ ඊනියා විද්වතුන්ට මුදල් ඇති බව දැනගත් විට මේ පිටුපස සිටින්නේ වෙන කිසිවෙකු නොව ජනතා විමුක්ති පෙරමුණ බව මම මගේ හිතවතුන් හා පැවසුවෙමි.

වෙන කිසිවෙකුට මෙතරම් මුදල් නැත. අද එය ඔප්පු විය. කොන්ත්‍රාත්කරුවන්ට තමා කරන කටයුතු සඳහා යහමින් මුදල් ලැබේ. 2015 ජනාධිපතිවරණයට පමණක් ලංකාවේ බුරුමයේ හා නයිජීරියාවේ රජයන් වෙනස් කිරීමට ඇමෙරිකානු රජය පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන 680ක් වියදම් කළ බව හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී වාර්ෂික අයවැය වාර්ථාවේ සඳහන් කොට තිබුණි.

ජනතාවගේ මොළ සේදීම සඳහා ඒ මුදල් ගත්තේ කවුද කියා කල්පනා කර බලන්න. 2015 කොන්ත්‍රාත්තුව තවම අවසන් නැත. ඒ නිසා ජනතාවගේ මොළ සේදීමට තවමත් මුදල් යහමින් ගලා එයි. මතුපිටින් පෙනෙන දේ යට ඇති යථාර්තය තේරුම් නොගත්තොත් යළිත් රැවටෙන්නේ ඔබමය.

නාලක ගොඩහේවාගේ ෆේස්බුක් සටහනකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *