ශ්‍රී ලංකා ගුවන්විදුලිය ISIS ත්‍රස්තවාදයට විකිණෙයි! දවස පුරා තවුහිද් ජමාත් ඉස්ලාම් අන්තවාදය වපුරයි!

May 11, 2019 at 9:06 am | by admin

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දෙමළ සේවය තවුහිද් ජමාත් අන්තවාදී දේශනා ප්‍රචාරණයේ යෙදෙන බව වාර්තා වෙයි. මේ වන විට බෞද්ධ හින්දු කතෝලික සියලු වැඩසටහන් ඉවත් කර ඇති අතර දෙමළ ස්වදේශීය සේවය මුස්ලිම් සේවය ලෙස හඳුන්වන බව ද වාර්තා වෙයි.

මෙම අන්තවාදී වැඩසටහන් ප්‍රචාරය කිරීමට කටයුතු කරන පාලනාධිකාරී ඒරානන්ද හෙට්ටිආරච්චි පවසා ඇත්තේ මේ අය වැඩිපුර මුදල් ගෙවන නිසා ඒ අයට වැඩසටහන් ලබා දෙන බවත් අනෙක් අය ඊට වඩා වැඩිපුර මුදල් ලබා දෙන්නේ නම් වැඩසටහන් ලබා දිය හැකි බවය.

මේ වන විට සවස 6 ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 5ට ප්‍රචාරය කර හවස හයට ඉස්ලාම් ආගමික යාඥා සඳහා වෙන් කර ඇත. සෙසු නාළිකාවල අධ්‍යාපන වැඩසටහන් ප්‍රචාරය කරන හවස 4-5 දක්වා කාලය තුළ මෙම නාළිකාවේ අන්තවාදී තවුහිද් ජමාත් දේශනාවලට වෙන් කර ඇත.

පාලනාධිකාරී ඒරානන්ද හෙට්ටිආරච්චි අන්තවාදීන්ගේ මුදලට ගිජු වී ඔවුන්ගෙන් කොමිස් ලබා ගනිමින් සමස්ත ගුවන් විදුලිය අන්තවාදයේ ගොදුරක් කර රටම අනතුරේ හෙළා ඇතැයි සේවකයෝ චෝදනා කරති.

පසුගිය සමයේ දිගින් දිගටම ගුවන්විදුලිය ඉස්ලාම් අන්තවාදයට ගොදුරු වී ඇති බවට දැඩි චෝදනා එල්ල විය. අන්තවාදී නොවන මුස්ලිම් ජනතාව ද මේ පිළිබඳ පැමිණිලි කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස