ශ්‍රී ලංකා ක්‍රිකට් මාෆියාව හරීන් ලවා පරසක්වල ගහනවා! – අගමැති

February 23, 2019 at 6:14 pm | by admin

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තමා අගමැති ධුරයේ සිටින සමයේ බිඳ වැටීම පිළිබඳ කනගාටු වූ බවත් හරීන් ප්‍රනාන්දුට ක්‍රීඩා අමාත්‍ය තනතුර ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂය පරජයට පත්වෙමින් තිබෙන විට ප්‍රබෝධමත් කර ජයග්‍රහණය කරා ගෙන ගිය ආකාරයට ක්‍රිකට් ගොඩ නැංවීමට බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීම ආරම්භ කර ඇති හෙයින් ක්‍රිකට් මාෆියාව පළවා හැරීමට නීති සම්පාදනය කරන බව හෙතෙම පවසයි. අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට ඒ සඳහා පියවර ගැනීමට කාලය පැමිණ ඇති බව ද අගමැතිවරයා පවසයි.

මේ අතර ඇමතිවරයා සහ ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා අතර දැනටමත් මත ගැටුම් නිර්මාණය වී ඇත. ඒ ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාව වෙනස් කිරීම ඇතුළු කටයුතු සම්බන්ධයෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *