ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් නැවතත් පිබිදෙයි…! 2014ට පසු ලංකා කණ්ඩායමක් අවසන් තරඟයට…!

March 20, 2021 at 5:08 pm | by emanisa.lk

තිලකරත්න ඩිල්ෂාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම, ඉන්දියාවේ පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ අවසන් පූර්ව තරගයේදී ජොන්ටි රූඩ්ස් ප්‍රමුඛ දකුණු අප්‍රිකාණු කණ්ඩායම කඩුලූ 8 කින් පරාජය කරමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක අවසන් මහා තරගයකට මෙලෙස සුදුසුකම් ලබන්නේ වසර 07කට පසුවය.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ 2014 වසරේදීයි. ඒ පන්දුවාර 20:20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයටයි.

එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා වූයේ ඉන්දියාව වන අතර රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ප්‍රතිවාදියා වන්නේ ද ඉන්දියාවයි.

2014 වසරේ පැවති පන්දුවාර 20:20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව පරදා ශූරතාවය දිනා ගත්තේය.

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ඉන්දීය සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර හෙට පැවැත්වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *