ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව පරදා ඓතිහාසික ජයක් ලබයි!

February 23, 2019 at 4:00 pm | by admin

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය 0/2ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ පෝර්ට් එලිසබෙත්හි පැවති දෙවන ටෙස්ට් තරඟය අද (23) කඩුලු 8කින් ජය ගැනීමත් සමගය. ආසියානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ දී ලැබූ ප්‍රථම තරඟාවලි ජය ලෙස ද මෙය ඉතිහාසගත වෙයි.

කාසියේ වාසය දිනා මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පළමු ඉනිමේ දී ලකුණු 222ක් ලැබූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 154කට දැවී ගියේය. එහෙත් ලකුණු 68ක වාසියක් සමග දෙවන ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 128ක සීමා කිරීමට ශ්‍රී පිල සමත් විය. ලකුණු 197ක ඉලක්කයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවී එම ඉලක්කය පසු කිරීමට සමත් විය.

මෙහි දී කුසල් මෙන්ඩිස් ලකුණු 84ක් ද ඕෂධ ප්‍රනාන්දු ලකුණු 75ක් ද ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූහ. පළමු තරඟයෙන් ශ්‍රී ලංකා කඩුලු එකක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *