ශ්‍රී ලංකාව මල්ටි බැරල් තාක්ෂණය අත්පත් කරගනී!

February 5, 2019 at 11:19 am | by admin

ශ්‍රීි ලංකාවේ නිෂ්පාදිත මල්ටි බැරල් ප්‍රථම රොකට් විදිනය (multi-barrel rocket launcher – MBRL) පසුගියදා 71 වන ජාතික නිදහස් සැමරුම් උළෙල අවස්ථාවේ ප්‍රථම වරට අභිමාණවත් ලෙස ප්‍රදර්ශනය කෙරිණි. ජාතික රූපවාහිනිය ඔස්සේ ජාතික නිදහස් උළෙල සජීවි ලෙස විකාශනය කළ ද මෙම ශ්‍රී ලංකා නිෂ්පාදනයේ පැහැදිලි රූපරාමු විකාශනය වූයේ නැත.

මෙම රොකට් විදිනය ආරක්ෂක අමාත්‍යංශයේ පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය මගින් නිපද වන ලදි. එහි කටයුතු ආරම්භ වූයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේය. බැරල් 10කින් සමන්විත මෙම රොකට් විදිනයට කිලෝ මීටර් 20ක් දුර ඇති ඉලක්කයක් වෙත නිවැරදිව ප්‍රහාර එල්ල කළ හැකි බව එම ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් බ්‍රිගේඩියර් ආචාර්ය තිලාන් ද සිල්වා පවසයි. මෙම රොකට් විදිනය සඳහා අවශ්‍ය උණ්ඩ ද එම ඒකකය මගින් නිපදවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *