ශ්‍රී ලංකාව තනි නොකළ යුතුයි…! නව ආයෝජන ලබා දිය යුතුයි…! ජනපති සමග සාකච්ඡාවටත් සූදානම්…! – නොර්වේ නව දෙමළ මන්ත්‍රිනිය ලොවට ම කියයි…

September 27, 2021 at 2:24 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා ඉදිරියට ගෙන යන ලෙස නෝර්වේ නව ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව නෝර්වේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කම්සි ගුණරත්නම් පවසයි.

ශ්‍රී ලංකාවේ උපන් කම්සි ගුණරත්නම් නෝර්වේ කම්කරු පක්ෂය නියෝජනය කරමින් ප්‍රථම වරට එරට පාර්ලිමේන්තුවට තේරි පත්ව තිබේ.

ශ්‍රී ලංකාව වර්ජනය කිරීම විසඳුමක් නොවන බවත් රැකියා අවස්ථා සුලබ කිරීම සඳහා ශ්‍රී ලංකාවට නව ආයෝජන සිදුකළ යුතු බවත් ගුණරත්නම් අවධාරණය කරයි.

වාණිජ සහ අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ඔස්සේ නෝර්වේ ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දිය යුතු බව ඇය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දිය හැකි ආකාරය පිළිබඳ නෝර්වේ විදේශ අමාත්‍යවරයා සහ තානාපතිවරයා සමග ද සාකච්ඡා කරන බවත් ගුණරත්නම් සඳහන් කරයි.

කෙසේ වුව ද යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතු බවත් බාහිර බලපෑම් එල්ල වන තුරු නොසිට ශ්‍රී ලංකාව එම කටයුතු ඉටු කරනු දැකීම තම අභිප්‍රාය බවත් කම්සි ගුණරත්නම් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *