ශ්‍රී ලංකාව කණ්ඩායම අංක එකේ පාකිස්ථානු කණ්ඩායම වනසයි! තරඟ තුනම ජය ගෙන වසරේ විශිෂ්ටතම ජයග්‍රහණය වාර්තා කරයි!

October 10, 2019 at 7:05 am | by emanisa.lk

පාකිස්තානයට එරෙහිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඊයේ (9) පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 13 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව, දෙරට අතර පැවැති විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් නොමැතිව විස්සයි20 අංක එකේ කණ්ඩායම වූ පාකිස්තානය පරාජය කිරීමට නවකයන් රැසකගෙන් සමන්විත වූ කණ්ඩායමක් සමත් වීම මේ වසර තුළදී ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 7ක් දැවී ලකුණු 147ක් රුස්කර ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුළු 6ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 134ක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස