ශ්‍රී ලංකාව එන්නත්කරණ ඉලක්කය ජයගනී…! ජනගහනයෙන් 70%කට එන්නත් ලබා දී අවසන්…! – කෙහෙළිය..

October 30, 2021 at 10:09 am | by emanisa.lk

මෙරට ජනගහනයෙන් 70% කට කොවිඩ් මර්දන එන්නත් ලබා දී අවසන් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, අවුරුදු 30ට වැඩි සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති බවය.

ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපානු සංගම් තානාපති ඩෙනී ටයිබි ඇතුළු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

යුරෝපා සංගමය විසින් මෙරට සෞඛ්‍ය පද්ධතිය සඳහා යුරෝ මිලියන දෙකක් පමණ වටිනා සෞඛ්‍ය උපකරණ ප්‍රදානය කිරීමක්ද මෙහිදී සිදුකළේය.

මීට අමතරව යුරෝපානු ආයෝජන බැංකුව හරහා කොවිඩ් වසංගතය පාලනයට යුරෝ මිලියන 100 ක විශේෂ සහන ක්‍රමයක ණය ආධාරයක් ලබාදීම පිළිබඳව ද මෙම හමුවේදී යුරෝපා සංගම් තානාපතිවරයා සාකච්ඡා කළ බව එම නිවේදනයේ සඳහන් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *