ශ්‍රී ලංකාව ඉන්දියාව පරදයි…! 20-20 තරඟාවලිය ජය ගනී….!

July 29, 2021 at 11:19 pm | by emanisa.lk

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව කණ්ඩායමක් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි 20-20 තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07 ජයග‍්‍රහණයක් ලබා ගත්තේය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 08කට ලබා ගත්තේ ලකුණු 81ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 14.3 කදී පන්දු 33ක් ඉතිරිව තිබිය දී කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

වනිඳු හසරංග වාර්තා කිහිපයක් තමන් සතු කර ගනිමින් සිය පන්දු වාර හතර තුළ ලකුණු 09කට කඩුලු 04ක් දවා ගත්තේ ය.

මෙම ජයග‍්‍රහණයත් සමග තරගාවලියේ ජයග්‍රහණය ද ශ්‍රී ලංකා කණ්ඩායම සතු වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙවැනි ජයග්‍රහණයක් ලබා ගත්තේ 2019 වසරට පසු ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *