ශ්‍රී ලංකාවේ 9 වෙනි කොරෝනා රෝගියත් මරුට!

May 5, 2020 at 2:53 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත 9 වන මරණය වාර්තා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේවා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මේ බව තහවුරු කරයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්කාවකි.

ඇය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක කාන්තාවක් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 755 ක් වන අතර සුවය ලැබු ආසාදිතයින් ගණන 197 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස