ශ්‍රී ලංකාවේ 2018 ආර්ථික වර්ධන වේගය දශමයකින් ඉහළ යයි! එය රාජපක්ෂ යුගයේ අඩුම වර්ධන වේගයටත් වඩා අඩුයි!

March 29, 2019 at 8:47 am | by admin

ඉකුත් 2018 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.2%ක වර්ධනයක් වාර්තා කර ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

2017 වසරේ දී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ 2018 වසරේ ආර්ථික වර්ධන වේගය 5%ක් වනු ඇති බවය.

2017 වසරේ ආර්ථික වර්ධන වේගය 3.1%ක් වූ අතර එම වසරට සාපේක්ෂව මේ වසරේ ආර්ථික වර්ධන වේගය ඉහළ ගොස් ඇත්තේ 0.1%ක අගයකිනි. 2015 4.8%ක් වූ ආර්ථික වර්ධන වේගය 2016 වසරේ දී 4.4%ක් දක්වා පහත වැටිණි.

කෙසේ වුවද 2018 වසරේ ආර්ථික වර්ධන වේගය 2010-2014 රාජපක්ෂ පාලන සමයේ වසරක වාර්තා කළ අවම ආර්ථික වර්ධනයට ද අඩුය. එම යුගයේ අවම ආර්ථික වර්ධනයක් වාර්තා කළේ 2013 වසරේ වන අතර ඒ 3.4%කි.

2010 – 8.0%
2011- 8.4%
2012 – 9.1%
2013 – 3.4%
2014 – 5.0%

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස