ශ්‍රී ලංකාවේ ළඟඳිම MCC ගිවිසුම ක්‍රියාත්මක කරනවා! – ඇමරිකාව

November 26, 2019 at 6:58 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව තුළ MCC ගිවිසුම නුදුරේදීම ක්‍රියාත්මක කරන බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජේ. වේල්ස් සඳහන් කර ඇත.

ඇය මේ බව පවසා ඇත්තේ පසුගිය දා වොෂින්ටන් නුවරදී පැවති, ආසියානු කලාපයේ චීන ක්‍රියාකාරකම් සම්බන්ධව පැවති හමුවකදී ය.

එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආර්ථික පදනමක් නොමැති ව්‍යාපෘති හරහා රටවල්වල ස්වාධිපත්‍ය ගිලිහී යන බවය. එවැනි ව්‍යාපෘති හරහා ස්වාධිපත්‍ය ගිලිහීගිය රටක්වන ශ්‍රී ලංකාව තුළ නුදුරේදීම MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් එමඟින් සිදුවන ඉඩම් ලියාපදිංචිකිරීම හරහා ආර්ථිකය පුළුල් කරන බවත් ඇය සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස