ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිර යාම විශාල වශයෙන් පාලනය වී ඇතැයි කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සධක බළකායේ ප්‍රධානි යුද හුමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
යුද හමුදාපතිවරයි ජනාධිපති කාර්යාලයේ පැවැති කැබිනට් රැස්වීමෙන් අනතුරුව කොවිඩ් – 19 පාලනය පිළිබඳව ඇමැති මණ්ඩලයට පැහැදිලි කිරීමක් ද කර ඇත.
කෝවිඩ් -19 වෛරසය පාලනය කිරීමෙන් ශ්‍රී ලංකාව ඉතා ඉහළ තැනක සිටින බව මෙහි දී පවසා ඇති යුද හමුදාපතිවරයා කොවිඩි එන්නත් කරන වැඩසටහන ද සර්ථකව ක්‍රියාත්මක වන බව සඳහන් කර ඇත.