ශ්‍රී ලංකාවේ කොරෝනා මැඩලන වැඩපිළිවෙළ අතිවිශිෂ්ටයි! එහි සේවය ලබන ශ්‍රී ලාංකිකයන් ඇමරිකානුවන්ට වඩා වාසනාවන්තයි! – ඇමරිකානු වෛද්‍යවරියක් හෙළි කරයි .

March 29, 2020 at 8:07 pm | by emanisa.lk

මම ඇමෙරිකාවේ ප්‍රධාන රෝහලක නව corona virus වසංගතයට එරෙහිව ක්‍රියාකාරීව වැඩ කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලෙස, පළමු ලෝකයේ රටක් ලෙස උදම් අනන ඇමෙරිකාව හා තුන්වන ලෝකයේ රටක් ලෙස හඳුන්වන ශ්‍රී ලංකාව අතර විශාල වෙනසක් අත්විඳිමින් සිටිමි.

සමාජ මාධ්‍ය ජාලාවල මගේ අදහස් පළ නොකරන මම මේ අවස්ථාවේ මුල් වතාවට වචන කීපයක් සඳහන් කරන්නට සිතුවෙමි.

ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය අංශය, මිලිටරි සේවාව හා වෙනත් ආයතන ලබා දෙන අසාමාන්‍ය වූ නායකත්වය හා හා දායකත්වය අගය කිරීමට මම මෙය අවස්ථාවක් කොට ගනිමි.

ශ්‍රී ලාංකිකයින්ට මට පවසන්නට ඇත්තේ මෙවන් රජයක් සහ සෞඛ්‍ය සේවාවක් ලැබීම මොන තරම් වාසනාවක් ද කියාය. ඇමරිකාවේ රෝගීන්ට තමන්ගේ වෛද්‍ය පරීක්ෂණ කරගන්නට ආණ්ඩුවට පිංසෙන්ඩු වෙන්නට සිදුවී තිබෙන තත්ත්වයක, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව රට වැසියාගේ යහපත තකා සැක සහිත පුද්ගලයින් ඉදිරියේ පිංසෙන්ඩු වෙමින් ඔවුන් පරීක්ෂණයට ලක් කිරීම මීට හොඳම උදාහරණයයි.

ඇමරිකාව වෛරසයට විරුද්ධ සටනින් පරාජයට පත් වී ඇත. වෛද්‍ය සේවයේ යෙදෙන්නන්ට ඇති ප්‍රධානම ප්‍රශ්නයක් වන්නේ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍යය ආම්පන්න නොමැති වීමයි. බලධාරීන් අපගෙන් ඉල්ලා සිටින්නේ “සෙල්ලම් තුවක්කු” රැගෙන යුද්ධයට යන ලෙසය. සෞඛ්‍ය අංශයේ බොහෝ අය තමන්ගේ නිවෙස්වල ඇඳෙහි නිදා ගන්නේ නැතුව ගෙදර ගරාජයේ හෝ ඉස්පිරිතාලයේ නිදා ගන්නට පියවර ගෙන ඇත්තේ තමන්ගේ පවුලේ සමීපතමයින් මේ අනතුරින් බේරා ගන්නටය. මේ ලෝකයේ වඩාත් දියුණු සහ වරප්‍රසාද හිමි යැයි කියන ඇමරිකාව පිළිබඳ තිත්ත ඇත්තයි.

මේ දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සේවයේ යෙදී සිටින මගේ සගයින්ට හිස නමා ආචාර කරමි. වර්තමාන වසංගතයේ ඇති භයානකකම ගැන තේරුම් ගන්නට ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන අතරම දේශපාලන භේදයකින් තොරව විවිධාකාරයේ චෝදනා පසෙක තබා මේ අති දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකා ආණ්ඩුවට සටන ජයගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමි. එමගින් මුළු ලෝකය ඉදිරියේම අභිමානවත් ජාතියක් ලෙස ආදර්ශයක් පෙන්වීමට හැකි වේවා …!!
~ විශේෂඥ වෛද්‍ය ගයා කුලසිංහ

පරිවර්තනය : Henry Warnakulasuriya FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස