අපේ රටේ කිරි කර්මාන්තයේ අද සහ හෙට කතාව! (video)

February 13, 2019 at 11:59 am | by admin

මේ වන විට විදේශ රටවලින් ලංකාවට ගෙන එන කිරිපිටි පිළිබඳ බොහෝ වාදවිවාද සිදුවෙයි. මීට පෙර ද එක්තරා කිරිපිටි වර්ගයක් මෙලමයින් ඇතුළත් බව පවසා ලංකාවට ගෙන ඒම තහනම් කෙරිණි. නැවතත් එම ආනයනිත කිරිපිටිවල ඌරු තෙල්, ෆාම් ඔයිල් (කටුපොල් තෙල්) සහ ලැක්ටෝස් කවලම් කොට ඇති බවට චෝදනා නැඟෙයි. සමාගම් හිතුමතේ මිල ඉහළ නැංවීමට උත්සාහ කරයි.

මෙවැනි අවස්ථාවක පවා බොහෝ දෙනා ආනයනිත කිරිපිටිවල නිවැරදිභාවය පරික්ෂා කිරීමට උනන්දු වුවද දේශීය කිරි කර්මාන්තය පිළිබඳ සොයා බැලීිමට යොමු නොවීම කනගාටුදායකය. අපට උවමනා කිරි ටික අපේ රට තුළම නිපදවාගත හැකි නම් මෙවැනි ගැටලුවලට විටින් විට අපට මුහුණ දීමට සිදුවන්නේ නැත.

කෙසේ වුවද අපේ රට මේ වන විට රටේ වාර්ෂික කිරි අවශ්‍යතාවයෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් නිපදවමින් ඉතා හොඳ ප්‍රගතියක් පෙන්වන බව කිවහොත් ඔබ පුදුම වනු ඇත. 2011 වාර්ෂික දියර කිරි ලීටර් මිලියන 258ක් නිෂ්පාදන කළ අපේ රටේ කිරි නිෂ්පාදනය 2018 වන විට ලීටර් මිලියන 471 ඉක්මවා ඇත. එම සාර්ථාකත්වයේ රහස 2012 වසරේ සිට හොඳ තත්ත්වයේ කිරි දෙනුන් ආනයනය කිරීමේ වැඩපිළිවෙළය. එය අඛණ්ඩව ඉදිරියට ගියේය.

මේ ඒ සාර්ථක ගමනේ කතාවයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස