ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු බවට ජාත්‍යන්තර සහතිකයක්! මාලදිවයින් කැබිනට් හමුවත් ලංකාවේ තබයි!

January 5, 2020 at 2:26 pm | by emanisa.lk

මාලදිවයින් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ මේ වසරේ පවත්වන මුල්ම අමාත්‍ය මණ්ඩල රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් වාර්තාවක් තබා තිබේ.

මෙම අමාත්‍ය මණ්ඩල හමුව ජනවාරි 01 දින පවත්වා ඇත්තේ අහුන්ගල්ල ප්‍රදේශයේ පිහිටි තරු පහේ හෝටලයකදීය.

මේ සඳහා මාලදිවයින් ජනාධිපති සහ කැබිනට් මණ්ඩල ප්‍රධානී ඊබ්‍රාහීම් මොහොමඩ් සෝලි ඇතුළු 20 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලය සිය පවුල්වල සාමාජිකයන්ද කැටුව අහුන්ගල්ලට පැමිණ ඇති අතර ඔවුන් සඳහා එකී හෝටලයේ විශේෂ පහසුකම් සහිත කාමර 27ක් වෙන්කර ඇත.

මෙම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් 20 දෙනාගෙන් 7 දෙනෙක්ම කාන්තාවන් වන අතර එරට ආරක්ෂක අමාත්‍ය ධුරය දරන්නේද උසා මරියා අහමඩ් නම් කාන්තාවකි. මාලදිවයිනේ නීතිපතිවරයාද කැබිනට් සාමාජිකයකු වීම තවත් විශේෂත්වයකි.

මෙම කැබිනට් සාමාජිකයන් මෙරටට පැමිණ නිවාඩුවක් ගතකරන අතරතුර අමාත්‍ය මණ්ඩල හමුව පවත්වා ඇති බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

මාලදිවයින් කැබිනට්ටුව නවාතැන් ගෙන සිටින තරු පහේ හෝටලයට ශ්‍රී ලංකාවේ ඇමැති ආරක්ෂක අංශයෙන් විශේෂ ආරක්ෂාවක්ද සපයා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස