ශ්‍රී ලංකාවට තවත් ඔලිම්පික් ජයක්…! හෙල්ල විසි කිරීමෙන් ලෝකඩ පදක්කමක්…!

August 30, 2021 at 5:24 pm | by emanisa.lk

ජපානයේ ටෝකියෝහිදී දැන් පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් කොඩිතුවක්කු ‘එෆ් 64’ කාණ්ඩයේ (දණහිසට පහළින් එක් පාදයක් අහිමි හෝ ඊට සමාන ආබාධිත) හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට අද (30) පස්වරුවේ සමත් විය.

මෙහිදී සමිත මීටර 65.61 ක් විසිකරමින් සිය පෞද්ගලික ඉහළතම දස්කම් වාර්තා කිරීම කැපී පෙනුණි. මීට පෙර ඔහුගේ ඉහළ ම දස්කම් ලෙස ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී 2018 වසරේ පැවැති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී වාර්තා කළ මීටර 58.38 පැවතුණි.

31 හැවිරිදි සමිත දුලාන්, මාතර දෙනියාය ප්‍රදේශයේ උපත ලැබූවෙකි. එම ඉසව්වේ රන් පදකක්ම ඉන්දීය ක්‍රීඩක සුමිට් සුමිට් (මීටර 68.55) සහ රිදී පදක්කම ඕස්ට්‍රේලියානු ක්‍රීඩක බ්‍රයන් මයිකල් (මීටර 66.29) දිනාගැනීමට සමත් වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *